Tuesday, November 3, 2009

කාලෙකට පස්සේ..

කාලෙකට පස්සේ බයිලා blog එක පැත්තේ ආවේ. මේ දවස් වල ටිකක් busy. Lectures පටන් ගත්තනේ. Lecturesද අරවද මේවද කියලා බැලුවේ නෑ ගිය සුමානේ මම ගියා BMICH එකේ විවාහ(The Wedding) Exhibition එක බලන්න.
ඒකට ගියා කියලා දැන්ම බදින්න නම් බෑ.. මොනවා කරන්නත් කලින් Degree එක ඉවර කරලා ඉන්න එපායැ.. :)
මම ඉතින් ඒකට ගියේ පොඩි බඩුවක් බලන්න.. ගෑණු ලමයින්ට Jeweleries නම් ගොඩක් තිබුනට ඒවා පිලිවෙලකට අසුරගන්න මුකුත් Gadgamatic එකක් නෑනෙ.. ඉතින් ඒ වගේ එකක් තියෙනවද බලන්න තමයි ගියේ. කොහොමහරි ඒ වගේ කියන්න පුලුවන් එකක් තිබිලා මම ගත්තා... ඒක අරන් එන අතරෙදි එක stall එකක Muslim ගෑණු ලමයි ටිකක් මෙහෙන්දි(මරතෝන්දි ) ගානව අතේ.. අතේ එක පැත්තක අදිනවානම් Rs.200/=. ඉතින් මටත් නිකන් ඉන්න බෑනෙ.මමත් Rs.200/=ක් දීලා ඇදගත්තා. :) ඔන්න මේ තියෙන්නේ මගේ ඇදපු Design එක.


අතේ කචල් එක ඇරුනම Design එක නම් ලස්සනයි. :P විනාඩි 20ක් විතර යනවා වේලෙන්න.. පැය දෙකක් විතර තෙමන්නේ නැතුව තිබ්බහම සුමාන 1 1/2ක් විතර තියෙනවා කිව්වා. දැන් ඉතින් මේ දවස් වල වැඩේ අත එහෙට මෙහෙට කරක කරක ඉන්න එක තමයි... :P

Thursday, September 10, 2009

ජැක් ගැසීම..



එදා කොහෙද Final Year Projects ගැන හිතනවා කිව්වට ඒක උනේ නෑ.. ඒකට එතනින්ම Full Stop. ආයිමත් බැරියෑ Semester එක පටන් ගත්තහම ඒක ගැන හිතන්න. :P
අද කතාව කියන්නේ මට ටික දොහකට කලින් වෙච්ච අකරතැබ්බයක් නිසා. මේ ජැක් කිව්වෙ වාහන වල හුලං ගියාම ගහන ජැක් එක නෙමෙයි. වාහන වල ඇතුලේ සිද්ද වන ජැක් ගැනයි මේ කතාව. විශේෂයෙන් bus වල.. සමහර අයියලා, uncle ලා, සීයලා ජැක් ගහනවනේ ලග ඉන්න ගෑනු ලමයින්ට...
දැන් කාලෙ සමහර ගෑනු ලමයිනුත් ජැක් ගහනව.. ඒක වෙනමම කතාවක් නෙ... :O
ඉතින් මේකයි මට උනේ .. මේ ජැක් ගැහිල්ල නිසා මගේ දකුණු කකුල නොන්ඩි වීම පිලිබදවයි මේ කියන්න යන්නේ..
ඔන්න ඉතින් හවස 5.40ට විතර රාජගිරියෙන් මම නැග්ගා 175 bus එකට. දන්නෝ දනිති.. වැඩියෙන්ම සෙනග pack වෙන, ගොඩක්ම හිමින් යන bus එකක් තමයි 175 bus එක. ඔන්න ඉතින් ඒකට තමයි මමත් නැග්ගේ.. ඉතින් දැන් ඔන්න නැගලා හිරවීගෙන seat එකකුත් බදාගෙන ඉන්නකොට මට තේරුනා අමුතු මනමාල මූණක් දාගෙන එහා පැත්තෙ මොකෙක්ද එකෙක් හිටගෙන ඉන්නවා... මට එනපොට හරි නෑ කියල තේරුන නිසා. කලින්ම මං හිටගෙන ඉන්න තැන වාඩිවෙල ඉන්න එක්කෙනාට bag එකත් දීලා, ආවොත් නම් කකුලෙන් පාගල හරි එලවනවා කියලා, ඔරවගෙන සුදානම් ශරීරෙන් හිටියෙ.. ඔන්න දැන් තවත් සෙනග වැඩි උනා. මගෙන් ටිකක් එහාට වෙන්න හිටපු ගෑනු ලමයෙක් සෙනගත් එක්ක තල්ලු වෙලා මම ඉන්න තැනට ආවා.. දැන් අර පිස්සු dial එක ඒ ලමයගෙ පිටිපස්සෙ හිටගෙන ඉන්නෙ.
ඒ ලමයා මේ මානසික රෝගියා ගැන මුකුත්ම දන්නේ නෑ.. නමුත් දැන් මම විමසිල්ලෙන්.
ඔන්න දැන් bus එක යන්න පිටත් වුනා. දැන් ඉතින් කවර කතාද?? අර මානසික රෝගියා මම නෙමෙයි වගේ අර ගෑනු ලමයට යස අගේට හේත්තු වීගෙන යනව... අර ගෑණු ලමයා එහාට දගලනව.... මෙහාට දගලනවා.... bus ඒකේ ඉන්න හැමෝම දැන් මේ දර්ශනය නරඹනවා... ඒත් කවුරුත් මුකුත් කියන්නේ නෑ..
මම බලන් ඉන්න බැරිම තැන ඒ ලමයට ඇගිල්ලෙන් තට්ටුවක් දාල කතා කරලා හයියෙන්ම කිව්වා පිටිපස්සෙ ඉන්නේ පිස්සෙක්, මං ඉන්න පැත්තට කොහොම හරි එන්න කියල... ඒ ලමයට මොකකද එකක් ලැබුනා වගේ මාවත් තල්ලු කරගෙනම මගේ තැනට ආව. මම balance නැති නිසා මේ වෙනකොට එක කකුලක් seat එකකට තද කරගෙන හිටියේ.. නමුත් ඒ ලමයා ආපු speed එකට මගේ දනිස්ස ඇඹරිලාම ගියා... කොහොමෙන් කොහොමහරි අර මල පෙරේතය ඊලග halt එකෙන් පටස් ගාල බැහැගත්තා. මිනිස්සු බැලුවේ ඒ මානසික රෝගියා දිහ නෙමෙයි... මේ ගෑනු ලමයා දිහා..
බලාගෙන ගියාම ඒ මිනිස්සුත් මානසික රෝගියෝ තමයි...
කොහොම නමුත් සතුටුයි තවත් ගෑනු ලමයෙක්ට උදව් වෙන්න ලැබිච්ච එක.. හැබයි දවස් දෙකක් නොන්ඩි ගගහා හිටියා ඉතින්.... :P


Wednesday, August 12, 2009

මෝල් වීම..



ඔන්න ඉතින් ආයෙමත් මොනව හරි ලියන්න ඕනෙ කියලා හිතුනා.. හැබයි ඉතින් Office එකේ Free නිසා නම් නෙමෙයි. දුන්න වැඩේ කරගන්න තේරෙන්නේ නැති නිසා.. මෙච්චර දවස් කාලය ගත කලේ JSP, EJB එක්ක.. දැන් එකපාරම මාව Spring, Icefaces වලට වැටිල.. අනේ මන්දා....
ඇත්තටම හොදටම මෝල් වෙලා ඉන්නෙ..දැන් ඉතින් September වල Final Year එකත් පටන් ගන්නවා. Final Year එක පටන් ගත්තට මොකද තාම දෙයියන්ගෙ පිහිටෙන් Final Year Project එකට මොකද කරන්නේ කියලා නම් හිතලා නෑ.. :)
ඇත්තටම මේක ලියන වෙලේ ඒක හිතුවොත් මොකද???? මම පොඩ්ඩක් හිතලා බලලා ආයෙමත් මේ පැත්තට එන්නම්.. බලමු මොනවා හිතෙයිද කියලා...

Sunday, August 9, 2009

පලවෙනි Blog Post එක..



Hello Hello සියලු දෙනාම මගේ අලුත් Blog එකට සාදරෙන් පිලිගන්නවා.. මේක ඉතින් බැලූ බැල්මට බයිලාවක් වගේ තමයි පේන්නේ.. මේකෙ දිගටම මගේ articles පලවෙන්නේ සිංglish වලින්... කාටවත් අපහාසයක්, අගෞරවයක් සිද්ධ කරන්න නෙමෙයි.

මගේ චින්තනය තාමත් ශ්රි ලාංකිකයි.. නමුත් එදිනෙදා කතා බහ Globalize වෙලා තමයි තියෙන්නේ. නිසා මම මෑතකදී මොන වෙලාවෙවත් Tap එකක් වහන්න කිව්වා මිසක් මේ කරාමය වහන්න කියලා කිව්වේ නෑ.. Fan එක දාන්න කියන කොට විදුලි පංකාව කියන වචනය Use කලේ නෑ... වැරදිලාවත් ගමේ ඉන්න පොඩි එකෙක්ට කිව්වොත්, මල්ලියේ මේ විදුලි පංකාව පොඩ්ඩක් නිවලා දාන්න කියලා.. මේ මොන මල හොල්මනක්ද කියලා බලයි..පොඩි එකාට යස අගේට තේරෙනවා, "මල්ලියේ මේ Fan එක පොඩ්ඩක් Off කරන්න" කිව්වානම්.. :)

මේක ලියන්නේ මට මම ලියන විදිය සාධාරනීකරනය කරගන්න නෙමෙයි.. කවුරුහරි Criticize කරයි කියලා ඒක මග හරවගන්නත් නෙමෙයි.. මට හිතෙන දේ විදියටම කියපු එක විතරයි මම කලේ ... ඒකනේ Blog එකේ නමත් Neviගේ බයිලා වුනේ.. :P

කොහොම නමුත් දඟලලා දඟලලා මේකෙ පලවෙනි Blog Post එක දාගන්න ලැබීම මට ලොකු සතුටක්.. සියලු දෙනාගේම අදහස්, ඇනුම් බැනුම්, සියලු ප්රතිචාර මම ඉතාමත් ඉහලින් බලාපොරොත්තු වෙනවා... අනේ හැබයි මට බනින්න එපා, මේකා සිංහල කනවා.... මෙච්චර වුවමනාවක් තියෙනවානම් සිංහලෙන් විතරක්, වචන මනා පාලනයක් ඇතුව Blog එකක් පටන් ගන්න තිබුනා නේද කියලා.. මගේ තනිකර සිංහලෙන්ම ලියවෙන් Blog එකකුත් තියෙනවා.. තනිකර English වලින් ලියවෙන Blog එකකුත් තියෙනවා.. නිසා මේ ගැත්තාට අනුකම්පා කරලා "උඹ සිංහල කන එක නතර කරපන්" , "මේ Blog එක Delete කරපන්" කියලා කියන්නේ නැතුව වෙන ඕන එකක් කිව්වට කමක් නෑ.. (අසැබ් වචනත් එපා හොදේ.. :)) ඒක ඉතින් කිව්වත් කරන්න දේකුත් නෑ.. එහෙම උනොත් මම කරන්නේ ඒ එකට යටින් :) (Smiley) එකක් දාන එක විතරමයි.. ඔන්න මගේ Reply එක මම කලින්ම කිව්වා.

එහෙනම් අදට ඇති වගේ.. ආයිමත් පස්සේ දවසක Set වෙන්නම්.. Office එකේ Free වෙලාවක වගේ :P