Tuesday, November 29, 2011

Girls, Boots, Alcohol & Poison





හ්ම්ම්ම්... Boot කාපු කෙල්ලෝ බොන්නෙ නැති වෙන්න සහ වහ බීලා මැරෙන්නේ නැති වෙන්න හේතුව..!!

මේක ලියන්න හිතුනේ, මේ දවස් වල වෙච්ච සිදුවීම් කීපයක් නිසා.. විශේෂයෙන් ම මේක ලියන්න හිතුනේ FB එකේ මගේ යාලුවෙක් දාල තිබුන Status එකක් නිසා. ඒ දවස් වලම සිද්ද වෙච්ච සිදුවීම් රාශියකුත් මේකට සම්බන්ධ කරගෙනම ලියන්න ඕනේ කියලා හිතුනා.
මගේ යාලුවාගෙ Status එක වෙලා තිබුනේ
"කොල්ලො කෙල්ල දාලා ගියාම අරක්කු බොති. මෝඩම එවුන් වහ බොති.හැබැයි සමහරු ජයපැන්ද බොති. කෙල්ලෝ එසේ නැත . ඔය හැම කල්හිම ස්කින් එක ලස්සන වෙන්ට පපායා ජූස් බොති." .. දැක්කම එක පාර හිනා ගියත් හිත ඇතුලෙන් ගොඩක් ලොකු දුකක් දැනෙනවා. දේවල් හිතේ හංගගෙන අනාගතේට මූන දෙන්න වෙන එක තවත් කට්ටියකට Status එකක් විදියට හරි දාලා විහිලුවක් කරගන්න පුලුවන් වීම ගැන.
Boot කෑම ගැන හිතුවොත් දෙපැත්තම සමානව බූට් කනවා උනත්, ගෑනු ලමයි හැමතිස්සෙම බූට් දෙන අය විදියට පත් වෙන්නේ ඇයි?? ඒකට තුඩු දෙන ප්‍රධානම හේතු කීපයක් මගේ යාලුවා දාලා තිබුන Status එක සම්බන්ධව විතරක් පහල ලිස්ට් කරන්නම්.

1) කොල්ලෙක් බූට් එකක් කෑවම "මම බූට් එකක් කෑවා" කියල කියනවා වගේ කෙල්ලෙක් "මම බූට් එකක් කෑවා" කිව්වොත් සමාජයෙන් ඇයට ලැබෙන ප්‍රතිචාර.

2) කොල්ලෙක් වගේ නෙමෙයි කෙල්ලෙක් බිව්වොත්.. බූට් එකක් කාපු නිසා බිව්වා කියලා හිතයි ද? (අපෝ ඒක නම් හොද සක්කර වට්ටමක් කියලා කියයි ඕනෙ නම්)

3) හදිසියේ හරි වහ බිව්වොත්, "ආහ් මොකක් හරි කරගන්න ඇති කාටවත් මූන දෙන්න බැරි වෙන්න".

ඒ නිසා ගෑනු ලමයින් ට ගොඩක් දේවල් හිතේ හංගගෙන ඉන්න සිද්ද වෙන වෙලාවල් තියෙනවා. ඔක්කොම ගෑනු ලමයි හරි කියලා මම කියන්නේ නෑ.ඒත් අමාරුවෙ වැටිච්ච ගෑනු ලමයින් ට විහිලු කරන්නෙත් මෙහෙම Status දාන සමාජෙම තමයි..
අදට මේ ඇති වගේ.. කට්ටියගෙන් එක පාර ගොඩක් බැනුම් අහන්න බෑනෙ... :)