Sunday, August 22, 2010

මදුරුවන්ට කිරි බොන්න පුරුදු කරමුද?? :)

ගොඩ දවසකින් මගේ බ්ලොග් වල කිසිම දෙයක් ලියන්න බැරි වුනා.. ඒකට නම් ඉතින් හේතු ගොඩාක් තියෙනවා.. දැන් ඉතින් ඒවා ගැන කියන්න ඕනේ නෑනෙ නේද..

මම දැකපු අහඹු සිදුවීමක් තමයි මේ බ්ලොග් පෝස්ට් එකේ ලියවෙන්නේ..

අර අපේ ගායකයෙක් ගේ සින්දුවක් තියෙනවනේ "මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න" කියලා.. මල් පැණි කෙසේ වෙතත් කිරි බොන එක නම් පුරුදු කරන්න පුලුවන් කියලා මට දැන් හොදටම Sure..

මේ photos වල තියෙන්නේ අපේ මදුරු උන්දෑ කෙනෙක් කිරි බොන දසුනක්..


මේක ගත්තේ මගේ කාමරේ ඇතුලේ.. මේ මදුරුවා කිරි එකේ ඇලිලා ඉන්නවා ඇත්තේ කියලා කෙනෙක්ට බැලූ බැල්මට හිතෙයි.. ඒත් මෙයා මෙයාගෙ ශුණ්ඩාවෙන් කිරි බොන හැටි මම හොදට බලන් හිටියා.. අන්තිමට බඩත් කිරි පාටට හැරෙනකම්ම කිරි බීලයි මේ උන්දැ මගේ කාමරෙන් පිටත් උනේ.. :)