Sunday, August 9, 2009

පලවෙනි Blog Post එක..



Hello Hello සියලු දෙනාම මගේ අලුත් Blog එකට සාදරෙන් පිලිගන්නවා.. මේක ඉතින් බැලූ බැල්මට බයිලාවක් වගේ තමයි පේන්නේ.. මේකෙ දිගටම මගේ articles පලවෙන්නේ සිංglish වලින්... කාටවත් අපහාසයක්, අගෞරවයක් සිද්ධ කරන්න නෙමෙයි.

මගේ චින්තනය තාමත් ශ්රි ලාංකිකයි.. නමුත් එදිනෙදා කතා බහ Globalize වෙලා තමයි තියෙන්නේ. නිසා මම මෑතකදී මොන වෙලාවෙවත් Tap එකක් වහන්න කිව්වා මිසක් මේ කරාමය වහන්න කියලා කිව්වේ නෑ.. Fan එක දාන්න කියන කොට විදුලි පංකාව කියන වචනය Use කලේ නෑ... වැරදිලාවත් ගමේ ඉන්න පොඩි එකෙක්ට කිව්වොත්, මල්ලියේ මේ විදුලි පංකාව පොඩ්ඩක් නිවලා දාන්න කියලා.. මේ මොන මල හොල්මනක්ද කියලා බලයි..පොඩි එකාට යස අගේට තේරෙනවා, "මල්ලියේ මේ Fan එක පොඩ්ඩක් Off කරන්න" කිව්වානම්.. :)

මේක ලියන්නේ මට මම ලියන විදිය සාධාරනීකරනය කරගන්න නෙමෙයි.. කවුරුහරි Criticize කරයි කියලා ඒක මග හරවගන්නත් නෙමෙයි.. මට හිතෙන දේ විදියටම කියපු එක විතරයි මම කලේ ... ඒකනේ Blog එකේ නමත් Neviගේ බයිලා වුනේ.. :P

කොහොම නමුත් දඟලලා දඟලලා මේකෙ පලවෙනි Blog Post එක දාගන්න ලැබීම මට ලොකු සතුටක්.. සියලු දෙනාගේම අදහස්, ඇනුම් බැනුම්, සියලු ප්රතිචාර මම ඉතාමත් ඉහලින් බලාපොරොත්තු වෙනවා... අනේ හැබයි මට බනින්න එපා, මේකා සිංහල කනවා.... මෙච්චර වුවමනාවක් තියෙනවානම් සිංහලෙන් විතරක්, වචන මනා පාලනයක් ඇතුව Blog එකක් පටන් ගන්න තිබුනා නේද කියලා.. මගේ තනිකර සිංහලෙන්ම ලියවෙන් Blog එකකුත් තියෙනවා.. තනිකර English වලින් ලියවෙන Blog එකකුත් තියෙනවා.. නිසා මේ ගැත්තාට අනුකම්පා කරලා "උඹ සිංහල කන එක නතර කරපන්" , "මේ Blog එක Delete කරපන්" කියලා කියන්නේ නැතුව වෙන ඕන එකක් කිව්වට කමක් නෑ.. (අසැබ් වචනත් එපා හොදේ.. :)) ඒක ඉතින් කිව්වත් කරන්න දේකුත් නෑ.. එහෙම උනොත් මම කරන්නේ ඒ එකට යටින් :) (Smiley) එකක් දාන එක විතරමයි.. ඔන්න මගේ Reply එක මම කලින්ම කිව්වා.

එහෙනම් අදට ඇති වගේ.. ආයිමත් පස්සේ දවසක Set වෙන්නම්.. Office එකේ Free වෙලාවක වගේ :P

10 comments:

ප්‍රතිව් said...

අත්තටම මේ මාත් හිතුවේ comment එකක් දාලා shape වෙන්න.වැඩේනම් maaxxxxxxxx keep it up nevi

binduka said...

ආ... මෙයාව හොදට ගැපපෙනවා FM channel එකක job එකකට. ඕක තමයි එකම සුදුසුකම  (හි.. හි.. ඔය කිව්වට මාත් සිංglish නේද ලියල තියෙන්නෙ)
ඕක ඉතිං බැහැර කරන්නත් බෑ බනින්නත් බෑ. එත් professional දේකදි නොකර හිටියම ඇති කියලයි මම හිතන්නේ. මේක ඉතිං Nevi ගේ බයිලා නේ.
මොන professional ද?. හොද post ටිකක් බලන්න ආසාවෙන් ඉන්න‍රවා.

Danishka said...

සුභ පැතුම්!
දිගටම ලියන්න :)

Poo said...

shok shok.. ikmanatama free welawak hambei kiyala hithanawa.. :P

Unknown said...

hehe sira sira! :)

Nevi said...

හැමෝගෙම Comments වලට ගොඩාක් Thank U.. :)

Anonymous said...

ආහ් ‍මේ බ්ලොග් එක දැක්කේ දැන් නෙව. එළ එළ! දිගටම ලියන්න... ජයවේවා!

malee_msg said...

අනේ මට නම් භාෂාව ප්‍රශ්ණයක් නෑ.. තේරෙන බාසාවක් නම්.. ලියලා තියන විදිය කියවන්න හිතෙනවා නම් මම අනිවා කියවනවා..ඔයා ලියන්න.

ශාකුන්තල | Shaakunthala said...

"මේක දැකල මට නිකං කොයිල් කොයිල් වගේ..."

ඔන්න ඕක තමා මම දාන්න ගිය comment එක. බලන්නකෝ ස්කිරිංෂොට් එක.. :D

http://www.imagechicken.com/uploads/1267949902008214900.png

Nevi said...

අදනේ දැක්කේ මේ Comments set එක...

@ malee - කියවන්න හිතෙනවානම් sure එකටම ලියනවා.. :)

@ supun - ඔයා ඉතින් කොහොමත් බාගෙට පොට්ටයිනේ... :P

@ ශාකුන්තල - word verification එකත් දන්නවා බ්ලොග් එක ලියන එකාගේ හැටි.. :O lol