එදා කොහෙද Final Year Projects ගැන හිතනවා කිව්වට ඒක උනේ නෑ.. ඒකට එතනින්ම Full Stop. ආයිමත් බැරියෑ Semester එක පටන් ගත්තහම ඒක ගැන හිතන්න. :P
අද කතාව කියන්නේ මට ටික දොහකට කලින් වෙච්ච අකරතැබ්බයක් නිසා. මේ ජැක් කිව්වෙ වාහන වල හුලං ගියාම ගහන ජැක් එක නෙමෙයි. වාහන වල ඇතුලේ සිද්ද වන ජැක් ගැනයි මේ කතාව. විශේෂයෙන් bus වල.. සමහර අයියලා, uncle ලා, සීයලා ජැක් ගහනවනේ ලග ඉන්න ගෑනු ලමයින්ට...
දැන් කාලෙ සමහර ගෑනු ලමයිනුත් ජැක් ගහනව.. ඒක වෙනමම කතාවක් නෙ... :O
ඉතින් මේකයි මට උනේ .. මේ ජැක් ගැහිල්ල නිසා මගේ දකුණු කකුල නොන්ඩි වීම පිලිබදවයි මේ කියන්න යන්නේ..
ඔන්න ඉතින් හවස 5.40ට විතර රාජගිරියෙන් මම නැග්ගා 175 bus එකට. දන්නෝ දනිති.. වැඩියෙන්ම සෙනග pack වෙන, ගොඩක්ම හිමින් යන bus එකක් තමයි 175 bus එක. ඔන්න ඉතින් ඒකට තමයි මමත් නැග්ගේ.. ඉතින් දැන් ඔන්න නැගලා හිරවීගෙන seat එකකුත් බදාගෙන ඉන්නකොට මට තේරුනා අමුතු මනමාල මූණක් දාගෙන එහා පැත්තෙ මොකෙක්ද එකෙක් හිටගෙන ඉන්නවා... මට එනපොට හරි නෑ කියල තේරුන නිසා. කලින්ම මං හිටගෙන ඉන්න තැන වාඩිවෙල ඉන්න එක්කෙනාට bag එකත් දීලා, ආවොත් නම් කකුලෙන් පාගල හරි එලවනවා කියලා, ඔරවගෙන සුදානම් ශරීරෙන් හිටියෙ.. ඔන්න දැන් තවත් සෙනග වැඩි උනා. මගෙන් ටිකක් එහාට වෙන්න හිටපු ගෑනු ලමයෙක් සෙනගත් එක්ක තල්ලු වෙලා මම ඉන්න තැනට ආවා.. දැන් අර පිස්සු dial එක ඒ ලමයගෙ පිටිපස්සෙ හිටගෙන ඉන්නෙ.
ඒ ලමයා මේ මානසික රෝගියා ගැන මුකුත්ම දන්නේ නෑ.. නමුත් දැන් මම විමසිල්ලෙන්.
ඔන්න දැන් bus එක යන්න පිටත් වුනා. දැන් ඉතින් කවර කතාද?? අර මානසික රෝගියා මම නෙමෙයි වගේ අර ගෑනු ලමයට යස අගේට හේත්තු වීගෙන යනව... අර ගෑණු ලමයා එහාට දගලනව.... මෙහාට දගලනවා.... bus ඒකේ ඉන්න හැමෝම දැන් මේ දර්ශනය නරඹනවා... ඒත් කවුරුත් මුකුත් කියන්නේ නෑ..
මම බලන් ඉන්න බැරිම තැන ඒ ලමයට ඇගිල්ලෙන් තට්ටුවක් දාල කතා කරලා හයියෙන්ම කිව්වා පිටිපස්සෙ ඉන්නේ පිස්සෙක්, මං ඉන්න පැත්තට කොහොම හරි එන්න කියල... ඒ ලමයට මොකකද එකක් ලැබුනා වගේ මාවත් තල්ලු කරගෙනම මගේ තැනට ආව. මම balance නැති නිසා මේ වෙනකොට එක කකුලක් seat එකකට තද කරගෙන හිටියේ.. නමුත් ඒ ලමයා ආපු speed එකට මගේ දනිස්ස ඇඹරිලාම ගියා... කොහොමෙන් කොහොමහරි අර මල පෙරේතය ඊලග halt එකෙන් පටස් ගාල බැහැගත්තා. මිනිස්සු බැලුවේ ඒ මානසික රෝගියා දිහ නෙමෙයි... මේ ගෑනු ලමයා දිහා..
බලාගෙන ගියාම ඒ මිනිස්සුත් මානසික රෝගියෝ තමයි...
කොහොම නමුත් සතුටුයි තවත් ගෑනු ලමයෙක්ට උදව් වෙන්න ලැබිච්ච එක.. හැබයි දවස් දෙකක් නොන්ඩි ගගහා හිටියා ඉතින්.... :P
Subscribe to:
Post Comments (Atom)
8 comments:
මචං මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියනව. ඔය වගේ වෙලාවලදී කවුරුවත් මුකුත්ම කියන්නෙ නෑනෙ. අපි මොනවහරි කිව්වොත් නිකං අමුතු විදියට අපි දිහා බලනව.
ඔය වගෙ උන්ට ගහලා පන්නන්න ඔනෙ..
Anu, ඉතින් කමක් නෑ ඒත් කාන්තාවක් හෝ ඒ හොරුන්ගේ හා මානසික අපතයන්ගෙන් එල්ල වෙන පිඩනයෙන් ගැලවීමක් නෙව වෙන්නේ. ඔය ගොළු ගොන් නාම්බයන් බලාගෙන හිටියට මොකෝ?
බලාගෙන යනකොට අර වටේ හිටපු හැමෝම අර කෙල්ලට " ඇස් " වලින් ජැක් ගහලා නේ..
එල කොල්ලෙක්, කට තියෙන්නෙ ඕවට තමයි.
එල කොල්ලෙක් කිව්වේ මටද? :) අනේ මම කෙල්ලෙක්... හි.. හි..
ela kellek...
ඔයාගෙ කථාවනම් සහතික ඇත්ත.....
Post a Comment