Tuesday, April 13, 2010

Back 2 බ්ලොග්


මේ දවස් වල මගේ FaceBook එකට ගොඩාක් messages එනවා මොකෝ සිංහල blog එක වේලෙන්නේ කියල අහලා. ගොඩාක් කිව්වට සූ ගාලා 2 3ක් එහෙම අහපු අය හිටියා.. :P ඉතින් අපේ බ්ලොග් යාලුවො ගැන්සියට මාව අමතක වෙන්න කලින් "මම තාම ඉන්නවෝ" කියලා මතක් කරන්න .... එකක් දාන්න හිතුනා.
මම ඇත්තටම election 2කම ඉවර වෙනකම් ආයිමත් blog එක නොලියා ඉන්න තමයි හැදුවේ. වැඩේ කොහොම හරි හරි ගියා.. :) Election 2කම ඉවර වෙනකම් මම කොහොමහරි කට වහගෙන හිටියා..(ඇත්තටම කට වහගෙන හිටියද කියන එක නම් මාව දන්න අදුනන උදවිය එහෙම ගොඩාක් හොදට දන්නව.. :O )
දැන් ඒකත් ඉවරයි.. ඉවරයි කිව්වට ඉවර නෑ.. තව තියෙනවා.. මොකද ඉතින් දේශපාලනේ කියන්නේ අපේ ජීවිතත් එක්ක බද්ධ වෙච්ච දෙයක්නේ.. ඉතින් දේශපාලෙනෙන් තොර ජීවිතයක් අපට කෝ??
Blog post එකක් දැම්මත් ඒකටත් දේශපාලන පසුබිමක් තියෙනවා නොවැ..

මම ඉතින් විශේෂයෙන් මේ post එක දැම්මේ ශ්‍රි ලංකාවාසි සියලු දෙනා
ටම ලබන්නාවූ අවුරුද්ද සියලු යහපත් පැතුම් සඵල වන සෞභාග්‍යමත් වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. මම ඉතින් හැමදාම එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. මම ප්‍රාර්ථනා කරන දේ ඔගොල්ලොන්ට පෙන්නන්න තමයි මේ article එක publish කලේ.. :)

ඔන්න ඉතින් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හොදේ.. :)







2 comments:

Anonymous said...

ඔයාටත් ගෙදර හැමෝන්ටමත්, අපේ කශ්ටිය හැමෝන්ටමත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

Nevi said...

ඒ සැරේ මගේ පහන ඉස්සුවා නේද... :P ඔන්න මීට පස්සෙ නම් අවුරුද්දට අපි ඉන්දැද්දිත් තනි වෙලා ඉන්නෙ කියන්න තහනම් හොදේ..